Posts

සෙසරෙ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද අපරාධකරුවන් පිළිබද න්‍යාය

Image
සෙසරෙ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද  අපරාධකරුවන් පිළිබද න්‍යාය සෙසරේ ලොම්බ්‍රෝසෝ අපරාධ අධ්‍යනය කිරීම සදහා විද්‍යාත්මක ක්‍රමවේදයක් ගෙන ආ පළමු පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස පිළිගැනේ. ඒ අනූව අපරාධ සහ අපරාධකරුවන් පිළිබදව නිශ්චිත අධ්‍යනයක් කළ පළමු පුද්ගලයා වන්නේ මොහුය. වෛද්‍යවරයෙකු, මනෝචිකිත්සතවරයෙකු හා සමෘද්ධිමත් කතුවරයෙකු වන ලොම්බ්‍රෝසෝ වඩාත් ප්‍රචලිත වන්නේ අපරාධ මානව විද්‍යාවේ නිර්මාතෘවරයා ලෙසය. ඒ අනූව අපරාධ මානව විද්‍යාවේ පියා ලෙස සැලකෙන සෙසරේ ලොම්බ්‍රෝසෝ ( 1835-1909 ) 1835 නොවැම්බර් මස 16 වන දින ලොම්බාර්ඩ් වෙරෝනාහී ධනවත් යුදෙව් පවුලක උපත ලද අයෙකි. ඔහුගේ පියා වෙරෝනාහී වෙළෙන්දෙකු වන ඇරෝන් ලොම්‍බ්‍රෝසෝ වන අතර මව ටියුරින් අසළ චියරිහි සෙෆෝරා (හෝ සෙෆිරා) වේ. සෙසරේ ලොම්බ්‍රෝසෝ යුදෙව්-ඉතාලි වෛද්‍යවරයෙක් සහ අපරාධ විද්‍යාඥයෙකි.     ලොම්බ්‍රෝසෝ 1859 දී ඉතාලි හමුදා වෛද්‍යවරයෙකු ලෙස සේවය ආරම්භ කරන ලදී. ඔහු හමුදාවේ සිටි කාලය තුළ සොල්දාදුවන් දහස් ගණනක් මැන බැලුවේ ඔවුන්ගේ භෞතික වෙනස්කම් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමේ අරමුණිනි. 1862 දී ඔහු පවියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබදව මහ...

ලිංගික වෘත්තිය

Image
  ලිංගික වෘත්තිය ලිංගික වෘත්තිය වෛශ්‍යාවියන්, වෙසගනන් ලෙස සාම්ප්‍රධායිකව හදුන්වන අතර වර්තමානයේදී එය ගණිකා වෘත්තිය ලෙස ද හදුන්වනු ලබයි. 18 වන සියවසෙන් පසු භාවිතයට පැමිණි සංකල්පයක් ලෙස මෙම ලිංගික වෘත්තිය දැක්විය හැකිය. ලෝකයේ පවතින පැරණිතම වෘත්තිය ලෙස සැලකෙන්නේ මෙම ලිංගික වෘත්තිය වේ. මෙතෙක් පැවති සෑම ශිෂ්ඨාචාරයකම ලිංගික වෘත්තිය පැවත ඇත. ලෝකයේ සෑම රටකම පාහේ දක්නට ලැබෙන මෙම වෘත්තිය ඇතැම් රටවල් විසින් නිතිගත කර ඇති අතර බෝහෝ රටවල් විසින් නීති විරෝධී වෘත්තියක් ලෙස ද නම් කර ඇත. ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තා ගණිකාවන් මෙන්ම පුරුෂ ගණිකාවන්ද සිටින මුත් ඉන් වැඩි වශයෙන්ම කතාබහට ලක් වන්නේ කාන්තා ගණිකාවන් පිලිබදවය. ලිංගික වෘත්තිකයින් යනු, ලිංගික කටයුතු සදහා යම් මුදලක් හෝ භාණ්ඩයක් ලබා ගන්නා පිරිමින්, කාන්තාවන් හා සංක්‍රාන්තික ලිංගිකයන් වේ. එනම්, යම් පුද්ගලයෙකු සමග ලිංගික කටයුත්තක යෙදීමේදී ඒ සදහා මුදලක් අත්පත් කරගෙන එම ලිංගික කාර්යයේ යෙදීම ලිංගික වෘත්තිය ලෙස සරලව හැදින්විය හැකිය. කිංස්ලි ඩේව් ලිංගික වෘත්තිය මෙලෙස අර්ථ දක්වයි. “ ලිංගික ශ්‍රමිකයා කිසිදු භේදයකින් තොරව තමන් වෙත පැමිණෙන සෑම පුද්ගලයෙකු...

දේශපාලන ක්ෂේත්‍රයේ පුරුෂයින්ට සාපේක්ෂව ස්ත්‍රී නියෝජනය අඩු වීමට හේතු

Image
  දේශපාලන ක්ෂේත්‍රයේ පුරුෂයින්ට සාපේක්ෂව  ස්ත්‍රී නියෝජනය  අඩු වීමට හේතු           යුරෝපීය රටවල හැර අනෙකුත් රටවල් අතර කාන්තාවන්ට ඡන්ද බලය ප්‍රථමයෙන්ම ලැබුණේ ලාංකික කාන්තාවන්ටය. එවැනි තත්වයක් තුළ කාන්තා නියෝජනය අඩු වීමට බලපා ඇති හේතු මොනවාද? එය ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත ගොඩනැගෙන්නක් ද යන්න විමසා බැලීම වැදගත්ය. ලාංකික කාන්තාවගේ දේශපාලන සහභාගිත්වය 1931 සර්ව ජන ඡන්ද බලය හිමි වීමත් සමග වරප්‍රසාද ලත් කණ්ඩායම් වලට සීමා වීම, විවිධ ආර්ථික පසුබිම දේශපාලන කටයුතු වලට සීමා විය. එසේ වුවත් 1947 පසුව කාන්තාවන් දේශපාලන කටයුතු වල යෙදිය හැකි පරිදි ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම මෙන්ම මානව අයිතිවාසිකම් පිළිගැනීම හා දේශපාලනයේ යෙදීමට තිබූ නීතිමය අවහිරතාවයන් ඉවත් විය. ඒ මගින් නීතිමය හා ආයතනික වශයෙන්  සීමා කිරීමකින් තොරව කාන්තාවන්ටද දේශපාලන කටයුතුවල නිරත විමට අවස්ථාව උදා විය. එසේ නමුත් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීම හා මහජන නියෝජිතයන් ලෙස ක්‍රියාත්මක වීම මන්දගාමී වීමට ප්‍රධාන හේතුව ලෙස කාන්තාවන් හා දේශපාලනය කෙරෙහි පවතින ස්ත්‍රී-ප්‍රරුෂ සමාජභාවයේ ලක්ෂණ බාධක වශයෙන් පැවතීම ...