ලිංගික වෘත්තිය
ලිංගික වෘත්තිය
ලිංගික
වෘත්තිය වෛශ්‍යාවියන්, වෙසගනන් ලෙස සාම්ප්‍රධායිකව හදුන්වන අතර වර්තමානයේදී එය
ගණිකා වෘත්තිය ලෙස ද හදුන්වනු ලබයි. 18 වන සියවසෙන් පසු භාවිතයට පැමිණි සංකල්පයක්
ලෙස මෙම ලිංගික වෘත්තිය දැක්විය හැකිය. ලෝකයේ පවතින පැරණිතම වෘත්තිය ලෙස සැලකෙන්නේ
මෙම ලිංගික වෘත්තිය වේ. මෙතෙක් පැවති සෑම ශිෂ්ඨාචාරයකම ලිංගික වෘත්තිය පැවත ඇත. ලෝකයේ
සෑම රටකම පාහේ දක්නට ලැබෙන මෙම වෘත්තිය ඇතැම් රටවල් විසින් නිතිගත කර ඇති අතර බෝහෝ
රටවල් විසින් නීති විරෝධී වෘත්තියක් ලෙස ද නම් කර ඇත. ලිංගික වෘත්තියේ යෙදෙන
කාන්තා ගණිකාවන් මෙන්ම පුරුෂ ගණිකාවන්ද සිටින මුත් ඉන් වැඩි වශයෙන්ම කතාබහට ලක් වන්නේ
කාන්තා ගණිකාවන් පිලිබදවය.
ලිංගික
වෘත්තිකයින් යනු, ලිංගික කටයුතු සදහා යම් මුදලක් හෝ භාණ්ඩයක් ලබා ගන්නා පිරිමින්,
කාන්තාවන් හා සංක්‍රාන්තික ලිංගිකයන් වේ. එනම්, යම් පුද්ගලයෙකු සමග ලිංගික
කටයුත්තක යෙදීමේදී ඒ සදහා මුදලක් අත්පත් කරගෙන එම ලිංගික කාර්යයේ යෙදීම ලිංගික
වෘත්තිය ලෙස සරලව හැදින්විය හැකිය.
කිංස්ලි ඩේව්
ලිංගික වෘත්තිය මෙලෙස අර්ථ දක්වයි. “ ලිංගික ශ්‍රමිකයා
කිසිදු භේදයකින් තොරව තමන් වෙත පැමිණෙන සෑම පුද්ගලයෙකුටම ඔවුන්ගේ සේවය යැපයිය
යුතුය.” ඒ අනූව තමන් වෙත
පැමිණෙන සියලුම පුද්ගලයින්ට කිසිදු භේදයකින් තොරව ඔවුන් සමග ලිංගික කටයුතුවල නිරත
වීම ලිංගික වෘත්තිය ලෙස හදුන්වයි.
ලෝක සෞඛ්‍ය
සංවිධානය මෙලෙස ලිංගික වෘත්තිය අර්ථ දක්වයි. “ ලිංගික ක්‍රියා යනු, මුදල් හෝ භාණ්ඩ සදහා
ලිංගික සේවා සැපයීමයි. ලිංගික ශ්‍රමිකයින් යනු, ලිංගික සේවා සදහා මුදල් හෝ භාණ්ඩ
ලබා ගන්නා කාන්තාවන්, පිරිමින් සහ සංක්‍රාන්තික ලිංගිකයින් වන අතර ලිංගික ක්‍රියාකාරකම්
ඔවුන්ගේ රැකියාව ලෙස නොසැලකුවද එමගින් ආදායම් උත්පාදනයක් සිදු වේ.”
ලිංගික වෘත්තියේ ඉතිහාසය
ලිංගික
වෘත්තියේ ඉතිහාසය ගත් විට එය සමාජයේ ආරම්භයත් සමගම ආරම්භ වූ වෘත්තියක් ලෙස සැලකිය
හැකිය. ලිංගික සදාචාර නොතිබුණු මුල් කාලීන සමාජයේ ලිංගිකත්වය පිළිබදව පැවති
අරාජිකත්වය මත ලිංගික නිදහස පැවතිනි. එකල සමාජයේ මිනිසා සමූහ වශයෙන් ජීවත් වූ අතර
එම සමාජයේ ගැහැණිය පිළිබදව පූර්ණ අයිතිය පුරුෂයා සතු වූ බවත්, පුරුෂයාගේ සතුට
වෙනුවෙන් ස්ත්‍රියගේ ලිංගික අවයවයන්ට ඔවුන් කැමති දෙයක් කළ හැකි බවත් ඔවුන්ගේ මතය
විය. එපමණක් නොව ඔවුන් එක් ගැහැණියකගෙන් පමණක් අවශ්‍යතා සපුරා ගැනීමට නොපෙළඹුණි.
මුල් කාලීනව මෙම ලිංගික වෘත්තිය ව්‍යාප්ත වී ඇත්තේ ආගමික මුහුණුවරක් සහිතවය. යම් යම් දෙවිවරුන් වෙනුවෙන් කාන්තාවන් පූජා කිරීම ආගමික කටයුත්තක් බවට පත් වී තිබුණි. එවැනි කාන්තාවන් දේව ඇඹණියන් බවට පත් වූ අතර ඔවුන් දාසියන් බවට පත් වූයේ දේවාල භාර කපු මහතාටය. ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා මෙම දේව ඇඹණියන් මාර්ගයෙන් සපුරා ගන්නා ලදී. නමුත් මෙම දේවදාසී කාර්යයේ යෙදුණු දේව දාසීන්ට යම් ශ්‍රද්ධාවක් උරුම වූ අතර ඒ අනූව ඔවුන් පාරිශුද්ධ ගණිකාවන් ලෙස හදුන්වයි. ඒ අනූව මීට නිදසුන් ලෙස ඉන්දීය සමාජයේ දක්නට ලැබුණු “ දේවදාසී සංකල්පය ” දැක්විය හැකිය. කෝවිලක නාට්‍යාංගනාවක් වශයෙන් සේවය කිරිම, කෝවිලේ පූජකයින්ට ලිංගික සේවය සැපයීම, කෝවිලට පැමිණෙන පිටස්තරයින්ට ලිංගික සේවය සැපයීම යනාදිය ඉන්දියාවේ ජීවත් වූ දේවදාසියෙක්ට නියම වූ කාර්යයන් කිහිපයක් ලෙස දැක්විය හැකිය. මෙම කාර්යයන් සැලකීමේදී ඉන්දියාවේ දේවදාසීන් එක්තරා ආකාරයකින් ලිංගික වෘත්තිකයින් ලෙස හැදින්විය හැකිය.
ලිංගික වෘත්තියේ ප්‍රබේධ
අතීතයේදී
ලිංගික වෘත්තිය කාන්තාවන් සදහාම පමණක් වෙන් වූ වෘත්තියක් විය. ගණිකාව යන වචනය පවා
වෙන් වී තිබෙන්නේ කාන්තාවන් සදහාමය. මුල් කාලයේදී මෙලෙස කාන්තාවන් සදහා පමණක් වෙන්
වූ වෘත්තියක් ලෙස ලිංගික වෘත්තිය සැලකුවද වර්තමානය වන විට එය විවිධ දිශාවන් දක්වා
දිශාගත වී ඇත. එනම්,
1.
ස්ත්‍රී ගණිකා වෘත්තිය
2.
පුරුෂ ගණිකා වෘත්තිය
3.
ළමා ගණිකා වෘත්තිය
4.
සමලිංගික ගණිකා
වෘත්තිය
ස්ත්‍රී ගණිකා වෘත්තිය ඈත අතීතයේ සිටම පැවත එන්නකි.
මෙහි ප්‍රබේධ කිහිපයක් දැකිය හැකිය. එනම්, විභව ගණිකාව, විදී ගණිකාව, ළමා ගණිකාව,
අධිපති ගණිකාව, සංචාරක ගණිකාව, මධ්‍යම පාංතික ගණිකාව, දුරකතන ගණිකාව, ස්ථානීය
ගණිකාව යනාදී වශයෙන් දැක්විය හැකිය. විභව ගණිකාව යනුවෙන් හදුන්වන්නේ, නිශ්චිත
වශයෙන්ම ගණිකාවන් බවට පත් නොවූ එහෙත් එම වෘත්තිය සදහා හුරු වෙමින් පවතින කාන්තාවන්
වේ. වීදී ගණිකාවන් යනු, නගරයේ ප්‍රසිද්ධ වීදී වල සැරි සරමින් ගණිකා වෘත්තියේ යෙදෙන
ගණිකාවන්ය. ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉතා පහළ මට්ටමක පවතින අතර ඔවුන් අපිරිසිදු
ගණිකාවන් වේ. වීදි ගණිකාවන් බොහෝ විට මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාකාරකම් වල සහ රහස්
ඔත්තු සේවාවන් සමග සම්බන්ධ වූ කාන්තාවන් වේ. ලෝකයේ සෑම රටකම පාහේ වීදි කාන්තාවන්
දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශ වල වීදි ගණිකාවන් බහුල
වශයෙන් දැකගත හැකිය. ළමා ගණිකාවන් යනු, ඉතා අඩු වයස් මට්ටම් වලින් ගණිකා වෘත්තියට
ප්‍රවිශ්ඨ වූ කාන්තාවන් වේ. අවුරුදු 16 පමණ ඉක්මවූ මෙම කාන්තාවන් බොහෝ විට
වැඩිමහල් කාන්තාවකගේ මග පෙන්වීම මත ලිංගික වෘත්තියේ නියැලෙන්නන් වේ. ළමා ගණාකාවන්
සදහා පවතින ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක පවතී.
වර්තමානය වන
විට සංචාරක කර්මාන්තය ආශ්‍රිතව පුරුෂ ගණිකා වෘත්තියද සමාජය තුළ ව්‍යාප්ත වී ඇත.
විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවල් වල දුගීභාවය හේතුකොට ගෙන පුරුෂ ගණිකා වෘත්තිය ව්‍යාප්ත
වී ඇත. නමුත් පුරුෂ ගණිකාව පිළිබදව බහුල වශයෙන් කතා නොකරයි.
වර්තමානය වන
විට ළමා ගණිකා වෘත්තියද බහුල වශයෙන් සමාජය තුළ ව්‍යාප්ත වී පවතී. ළමා ගණිකාවන්
සදහා සමාජයේ පවතින ඉල්ලුමද ඉතා ඉහළ අගයක් ගනු ලබයි. විශේෂයෙන්ම ළමා ගණිකාවන්
සංචාරක කර්මාන්තය ආශ්‍රිතව බහුල වශයෙන් දැකිය හැකිය. මේ අනූව ශ්‍රී ලංකාව පිරිමි
ළමා ගණිකා වෘත්තියේ පාරාදීසයක් ලෙස සලකන අතර සංචාරක කර්මාන්තය ආශ්‍රිතව විදේශ
සංචාරකයන් සමග ගණිකා වෘත්තියේ යෙදෙන බොහෝ පිරිමි දරුවන් වයස අවුරුදු අට ඉක්මවා
නොමැති බව සමීක්ෂණ වලින් පෙන්වා දී ඇත.
සමලිංගික ගණිකා වෘත්තිය මෑත ඉතිහාසයේ අධි සංවර්ධිත වූ රටවල් වල වෘත්තියක් වශයෙන් පවත්වා ගෙන යාම දැකිය හැකිය. ස්වීඩනය, නෙදර්ලන්තය වැනි සමලිංගික චර්යාවන් අනුමත කර ඇති රටවල් වල සමලිංගික ගණිකා වෘත්තිකයින් දැකගත හැකිය.
ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ ලිංගික වෘත්තිය
ලිංගික
වෘත්තිය ලෝකයේ පවතින පැරණිතම රැකියාවක් ලෙස හදුන්වයි. එය ලෝකය තුළ පැවතිය යුතු
රැකියාවක් ද නැද්ද යන්න පිළිබදව විවාදයක් ලෝකය පුරා ඉතා දීර්ඝ කාලයක සිට පවතී. සිය
කැමැත්තෙන් ලිංගික ශ්‍රමය සැපයීම හා බලහත්කාරයෙන් ලිංගික සේවයේ යෙදවීම වශයෙන්
ලිංගික වෘත්තියේ යෙදෙන ආකාරය අනූව ප්‍රධාන ආකාර ද්විත්වයක් පවතී. ලිංගික වෘත්තියේ
යෙදෙන වැඩි පිරිසක් බලහත්කාරයෙන් එම සේවයේ යෙදවූවන් වේ.
ලෝකය පුරා ලිංගික වෘත්තියේ යෙදුණු කාන්තාවන්
මෙන්ම පුරුෂයින්ද සිටින අතර පුරුෂ ගණිකාවන් එතරම් ප්‍රසිද්ධ නොවූවත් විශාල ප්‍රමාණයක්
ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත. ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තා ගණිකාවන් සමාජයේ ගැරහීමට
ලක් වුවත් ලෝක ඉතිහාසය වෙනස් කිරීමට පවා දායක වූ ගණිකාවන් සිය දහස් ගණනක් සමාජ
ඉතිහාසයේ සිටි.
ලෝකයේ ලිංගික
වෘත්තියේ යෙදෙන කාන්තාවන් හා පුරුෂයින් මිලියන 42 ක් පමණ සිටින බවට වාර්තා වේ. මෙම
ප්‍රමාණයෙන් 80% ක් කාන්තා ගණිකාවන් වන අතර ඉතිරි ප්‍රමාණය පුරුෂ ගණිකාවන්, සංක්‍රාන්තික
ලිංගිකය හා සමලිංගික ගණිකාවන් වන බව දක්වයි. කාන්තාවන්ගේ බහුතරය වයස අවුරුදු 13 ත්
25 ත් අතර යෞවනියන් වන බව දක්වයි.
ලෝකය තුළ
ලිංගික වෘත්තියේ යෙදෙන ලිංගික ශ්‍රමිකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ සිටින බව
දක්වයි. එය කෝටි 2 කට ආසන්න වන බවත් ලොව සම්පූර්ණ ලිංගික ශ්‍රමිකයින්ගේ ප්‍රමාණයෙන්
අඩකට ආසන්න වන බවත් දක්වයි. චීනය තුළ ලිංගික වෘත්තියේ යෙදෙන පිරිස මිලියන 10 කට ආසන්න
වේ. ඇමරිකාව තුළ මිලියන 2 කට ආසන්න ප්‍රමාණයකත්ද තායිලන්තය තුළ මිලියන 1 කට වැඩි
ගණිකාවන් සංඛ්‍යාවක් සිටින බව දක්වයි. ශ්‍රී ලංකාව තුළ 40000 කට වැඩි සංඛ්‍යාවක්
ගණිකා වෘත්තියේ යෙදී සිටින බව දක්වන අතර නයිජීරියාව තුළද ලිංගික ශ්‍රමිකයින්
500000 ක් පමණ සිටින බවට දක්වයි.
ලිංගික වෘත්තියේ බලහත්කාරයෙන් යොදවන පුද්ගලයින්ගෙන් 99% ක් කාන්තාවන් වන අතර ඉන් 1% ක් පුරුෂයන් වේ. වැඩි වශයෙන්ම තරුණියන් හා ළමුන් මෙලෙස බලහත්කාරයෙන් ලිංගික වෘත්තියේ යොදවන්නේ අග්නිදිග ආසියාතික රටවල් වල වන අතර එය ලොව සමස්ථ ප්‍රමාණයෙන් 70% ක් පමණ වේ. බලහත්කාරයෙන් ලිංගික ශ්‍රමය සූරාකෑම වැඩි වශයෙන් සිදු වන්නේ චීනය, කොරියාව, පිලිපීනය, තායිලන්තය වැනි රටවල් ආශ්‍රිතවය. මෙලෙස බලහත්කාරයෙන් ලිංගික වෘත්තියේ යොදවන කාන්තාවන් කැමැත්තෙන් ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට වඩා ප්‍රචණ්ඩ වන බව දක්වයි.
මේ වන විට ලෝකයේ රටවල් 52 ක් ගණිකා වෘත්තිය නීතිගත කර ඇත. ගණිකා වෘත්තිය පිළිගත් රටවල් අතර යුරෝපීය රාජ්‍යයන්, දකුණු ඇමරිකානු රාජ්‍යයන්, තායිලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, බ්‍රසීලය, ජර්මනිය, මෙන්ම ඉස්ලාමීය රාජ්‍යයක් වන ඉන්දුනීසියාව දැක්විය හැකිය. මෙලෙස ගණිකා වෘත්තිය නීතිගත කිරීම මගින් ගණිකාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩක්‍රියා අඩුවන බවත් ඔවුන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බෝ වීමේ ඉඩකඩ අවම වන බවද දක්වයි. තායිලන්තය වැනි අග්නිදිග ආසියානු රටවල ගණිකා වෘත්තිය විශාල වශයෙන් පැවතුනද සංචාරක ව්‍යාපාරයේ අඛණ්ඩ වර්ධනය සදහා ගණිකාවන්ට නිරන්තරයෙන් ලිංගාශ්‍රිත රෝග සදහා වන රුධිර පරීක්ෂාව සිදු කිරීම අනිවාර්යය වේ. කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ජපානය මෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල් ගණනාවකම ලිංගික වෘත්තිය නීතියෙන් තහනම් කළ වෘත්තියක් ලෙස සලකනු ලබයි.
ශ්‍රී ලංකාව
තුළ ලිංගික වෘත්තිය ගත් කළ එය සංස්කෘතියට පටහැනි, නීතියෙන් තහනම් කරන ලද වෘත්තියක්
ලෙස හැදින්විය හැකිය. ශ්‍රී ලංකාව තුළද ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්,
පුරුෂයින්, සංක්‍රාන්තික ලිංගිකයින්, සමලිංගිකයින් මෙන්ම ළමයින්ද සිටී. නමුත්
ලංකාව තුළද වැඩි වශයෙන් කතා බහට ලක් කරනු ලබන්නේ කාන්තා ගණිකාවන් පිළිබදවය. ශ්‍රී
ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වලට වඩා නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ගණිකා වෘත්තිය බහුල
වශයෙන් පවතී. සම්භාහන මධ්‍යස්ථානවල, රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව, ගණිකා නිවාස ආශ්‍රිතව
ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය පවත්වාගෙන යනු ලබයි.
ශ්‍රි ලංකාවේ ගණිකා වෘත්තිය බහුල වශයෙන් පවතින දිස්ත්‍රික්ක ලෙස කොළඹ, අනුරාධපුරය, අම්පාර, ගාල්ල, රත්නපුර ආදී දිස්ත්‍රික්ක දැක්විය හැකිය. මීට අමතරව ආගමික වශයෙන් වැදගත්වන ස්ථාන වල එනම් කතරගම, කළුතර බෝධිය, අනුරාධපුරය ආශ්‍රිතවද ලිංගික වෘත්තිය බහුල වශයෙන් පවතී. එමෙන්ම ගාල්ල, මාතර, හික්කඩුව, උනවටුන වැනි වෙරළාශ්‍රිත ප්‍රදේශවල ද ලිංගික වෘත්තිය පවතී. විශේෂයෙන්ම මෙරට සංචාරක කර්මාන්තය පදනම් කර ගනිමින් ලිංගික වෘත්තිය වෙරළාශ්‍රිත ප්‍රදේශ වල පවත්වා ගෙන යනු ලබයි.
ලිංගික වෘත්තිකයින් නිරන්තරයෙන් හිංසනයන්ට ලක්
වේ. ලිංගික වෘත්තිකයින්ගේ ඡායාරූප, වීඩියෝ දර්ශන යනාදිය අන්තර්ජාලයට මුදා හැරීම
සිදු කරන බවට තර්ජනය කිරීම, බිය ගැන්වීම යනාදිය සිදු කිරීම හේතුවෙන් ලිංගික වෘත්තිකයින්
හිංසනයන්ට ලක් වේ.
ලිංගික වෘත්තියේ යෙදෙන පුද්ගලයින් හට ඒඩ්ස් වැනි ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග බෝ වීමේ වැඩි අවධානමක් පවතින අතර ඇතැම් ලිංගික වෘත්තිකයින්ට එම රෝග වැළදී ඇත. මෙයට හේතු වී ඇත්තේ ලිංගික වෘත්තිකයින්ගෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් ලිංගිකව එක් වීමේදී නිසි ආරක්ෂිත ක්‍රම භාවිතා නොකිරීමත් ඇතැම් ගණිකාවන් හා ගණිකාවන්ගෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් තමාට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පවතින බව සගවා ගැනීමත් නිසාය. මීට අමතරව ලිංගික වෘත්තියේ යෙදෙන්නන් දූෂණය වීම් වලට ලක් වීම සිදු වේ. අප්‍රිකානු රටවල්වල ගණිකාවන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ලිංගික රෝග වලින් පෙලෙන බවත් අප්‍රිකාව තුළ ඒඩ්ස් ආදී ලිංගික රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට ආරක්ෂිත නොවන ලිංගික සම්බන්ධතා හේතුවන බව දක්වයි. සිම්බාබේ වැනි රාජ්‍යවල ගණිකාවන්ගෙන් 50% ක් පමණ ඒඩ්ය් වැළදී ඇති බව දක්වයි. ලිංගික ශ්‍රමය සපයන පුද්ගලයින් සාමාන්‍ය පුද්ගලයින් හා සසදන විට ලිංගික ආබාධ හා ලිංගික රෝගවලට ගොදුරු වීමේ අවදානම 60% කින් වැඩි බව සොයාගෙන ඇත.
ලිංගික වෘත්තියේ යෙදෙන ගණිකාවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බව දක්වයි. ඔවුන් තම සේවාදායකයාට මත්ද්‍රව්‍ය ලබා දී පසුව ලිංගික කටයුතුවල යෙදෙන බව දක්වයි. එමෙන්ම ගණිකාවන් මත්ද්‍රව්‍ය වෙළදාමට පවා යොමු වී ඇති බව දක්වයි.
ලිංගික වෘත්තිය හා සම්බන්ධ නීති
ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් පවතින නීතිය ඈත ඉතිහාසයේ සිට
පැවත එන නීතියක් මෙන්ම තවමත් ඉංග්‍රිසි පාලනය යටතේ මෙරටට පැමිණි නීති පවතී. ඒ අනූව
ගණිකා වෘත්තිය පිළිබදව පවතින අනපනත් දෙකකි.
1.
ගණිකා නිවාස ආඥා පනත
2.
අයාල ආඥා පනත ( පාදඩ
ආඥා පනත )
ගණිකා නිවාස
ආඥා පනත 1889 අංක 05 දරන ගණිකා නිවාස ආඥා පනත ලෙස හදුන්වයි. ගණිකා නිවාස ආඥා පනත
මගින් ගණිකා නිවාසයක්, ගණිකා වෘත්තිය පවත්වා ගෙන යන ස්ථානයක් පොලිසිය මගින් සෝදිසි
වරෙන්තුවක් රැගෙන විත් එම ස්ථාන වැටලීම සිදු කර එහි හිමිකරුට හෝ කළමනාකරුට නඩු
පැවරීම සිදු කරනු ලබයි. ඇතැම් අවස්ථාවලදී එම ස්ථානවලට උපාය දූතයෙක් යොදවා එහි
සිටින ගණිකාවන් අත්අඩංගුවට ගැනීම සිදු කරන අතර මෙම පනත යටතේ නඩු පැවරීමේදී ගණිකා
නිවාසයේ හෝ ආයතනය වැටලීමේදී එහි සිටින අනෙක් කාන්තාවන් ගණිකාවන් ලෙස සලකා නඩු
පැවරීම සිදු කරනු ලබයි. නඩු පැවරීමට අමතරව ලිහිල් හෝ බරපතල සිරදඩුවම් නියම කිරීම
සිදු කරයි.
අයාල ආඥා පනත
නැතහොත් පාදඩ ආඥා පනත වර්ෂ 1841 අංක 4 දරන පනතට අනූව ක්‍රියාත්මක වේ. මෙම පනත
මගින් විදියක, පටුමගක, රජයේ දේපළක මෙන්න මාර්ග වැනි පොදු ස්ථාන වල සිටින වීදි
ගණිකාවන්, ගණිකාවන් ලෙස සලකා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීම සිදු
කරනු ලබයි. මෙම පනතට අනූව වීදි ගණිකාවන්ට රුපියල් 100ක දඩ මුදලක් හෝ මාස 06ක
සිරදඩුවම් නියම කිරීම සිදු කරනු ලබයි.
මීට අමතරව
දණ්ඩනීති සංග්‍රහයේද කාන්තාවන් ගණිකාවන් ලෙස විකිණීම වරදක් බව සදහන් කර ඇත. එය
කුට්ටනය ලෙස හදුන්වන අතර එය දණ්ඩනීති සංග්‍රහයේ 360 ( අ ) වගන්තිය යටතේ ක්‍රියාත්මක
වේ.
Comments
Post a Comment