සෙසරෙ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද අපරාධකරුවන් පිළිබද න්‍යාය

සෙසරෙ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද 

අපරාධකරුවන් පිළිබද න්‍යාය



සෙසරේ ලොම්බ්‍රෝසෝ අපරාධ අධ්‍යනය කිරීම සදහා විද්‍යාත්මක ක්‍රමවේදයක් ගෙන ආ පළමු පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස පිළිගැනේ. ඒ අනූව අපරාධ සහ අපරාධකරුවන් පිළිබදව නිශ්චිත අධ්‍යනයක් කළ පළමු පුද්ගලයා වන්නේ මොහුය. වෛද්‍යවරයෙකු, මනෝචිකිත්සතවරයෙකු හා සමෘද්ධිමත් කතුවරයෙකු වන ලොම්බ්‍රෝසෝ වඩාත් ප්‍රචලිත වන්නේ අපරාධ මානව විද්‍යාවේ නිර්මාතෘවරයා ලෙසය. ඒ අනූව අපරාධ මානව විද්‍යාවේ පියා ලෙස සැලකෙන සෙසරේ ලොම්බ්‍රෝසෝ ( 1835-1909 ) 1835 නොවැම්බර් මස 16 වන දින ලොම්බාර්ඩ් වෙරෝනාහී ධනවත් යුදෙව් පවුලක උපත ලද අයෙකි. ඔහුගේ පියා වෙරෝනාහී වෙළෙන්දෙකු වන ඇරෝන් ලොම්‍බ්‍රෝසෝ වන අතර මව ටියුරින් අසළ චියරිහි සෙෆෝරා (හෝ සෙෆිරා) වේ. සෙසරේ ලොම්බ්‍රෝසෝ යුදෙව්-ඉතාලි වෛද්‍යවරයෙක් සහ අපරාධ විද්‍යාඥයෙකි.

    ලොම්බ්‍රෝසෝ 1859 දී ඉතාලි හමුදා වෛද්‍යවරයෙකු ලෙස සේවය ආරම්භ කරන ලදී. ඔහු හමුදාවේ සිටි කාලය තුළ සොල්දාදුවන් දහස් ගණනක් මැන බැලුවේ ඔවුන්ගේ භෞතික වෙනස්කම් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කිරීමේ අරමුණිනි. 1862 දී ඔහු පවියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබදව මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරන ලදී. එමෙන්ම ඔහු පෙසාරෝ හී මානසික සරණාගත අධ්‍යක්ෂකවරයා බවට පත් වූ අතර 1876 දී ටියුරින් විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව හා මහජන සනීපාරක්ෂාව පිළිබද මහාචාර්යය ධූරයට පත් විය. 1896 දී මනෝචිකිත්සාව පිළිබද මහාචාර්යයවරයෙකු ලෙසත් 1906 දී අපරාධ මානව විද්‍යාව පිළිබදව මහාචාර්යයවරයෙකු ලෙසද පත් වන ලදී. ලොම්බ්‍රෝසෝ වසර 30 ක් අපරාධ විද්‍යාව පිළිබද ඔහුගේ විප්ලවීය න්‍යාය වෙනුවෙන් පෙනී සිටින ලදී.

    සාපරාධී අටාවිස්වාදය පිළිබද සංකල්පය ලොම්බ්‍රෝසෝගේ අපරාධ මානව විද්‍යාව මත පදනම් වූ මුහුණු මිණුම්ය. ලොම්බ්‍රෝසෝගේ සාමාන්‍ය සිද්ධාන්තය යෝජනා කළේ අපරාධකරුවන්, අපරාධකරුවන් නොවන අයගෙන් බහු භෞතික විෂමතාවයන්ගෙන් වෙන් කර ගත හැකි බවයි.  ලොම්බ්‍රෝසෝ අපරාධකරුවන් හදුන්වන ලද්දේ වානරයන්, පහත් ප්‍රයිමේට්වරුන් සහ මුල් මිනිසා සිහිපත් කරන භෞතික ලක්ෂණ වලින් සංලක්ෂිත ප්‍රාථමික හෝ උපමානුෂීය මිනිසෙකු වෙත ආපසු හැරීමක් ලෙසය.

වසර ගණනාවක් පුරාවට ඔහු විසින් සිදු කරන ලද මරණ පරීක්ෂණ ඇසුරින් කරන ලද අධ්‍යනයන් මගින් උපත ලද අපරාධකරු යන සංකල්පය හදුනා ගැනීමට සමත් විය. මෙම සංකල්පයේ ප්‍රතිඵලය වූයේ ඔහුගේ නිරීක්ෂණ, භෞතික මිනුම්, මානසික රෝගීන්, බුද්ධිමත් පුද්ගලයන්, අපරාධකරුවන් හා නීතිගරුක පුරවැසියන් සන්සන්දනය කිරීමයි. උපත ලද අපරාධකරු ඇතුළු සියළුම පිරිමින් මානසික හා ශාරීරික යන දෙපක්ෂයේම උපත ලබා ඇති අතර එය ඔවුන්ගේ හැසිරීමට තීරණාත්මක ලෙස බලපා තිබෙන බව පෙන්වා දෙන ලදී. එමෙන්ම සොරුන්, ස්ත්‍රී දූෂකයින් සහ මිනීමරුවන් වැනි නිශ්චිත අපරාධකරුවන් නිශ්චිත ලක්ෂණ සහිතව වෙන් කර හදුනා ගත හැකි බව විශ්වාස කරන ලදී. අපරාධකරුවන්ට වේදනාව හා ස්පර්ශය පිළිබදව අඩු සංවේදීතාවයක් ඇති බව ලොම්බ්‍රෝසෝ ප්‍රකාශ කරන ලදී. වඩාත් තියුණු පෙනීම, පසුතැවිලි නොවීම ඇතුළු සදාචාරාත්මක හැගීමක් නොමැතිකම, ආවේගශීලීභාවය, පළිගැනීම සහ කලහකාරීත්වය යන ලක්ෂණ  අපරාධකරුවන්ගේ ගති ලක්ෂණ ලෙස පෙන්වා දෙන ලදී.  

ඒ අනූව ඔහු විසින් ගොඩ නගන ලද න්‍යාය 1876 දී The Criminal Man ( අපරාධ මිනිසා ) යන කෘතිය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම කෘතිය තුළ අපරාධකරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඇසුරින් කරන ලද අධ්‍යයන මගින් අනාවරණය වූයේ ඔවුන් සාමාන්‍ය මිනිසාට වඩා භෞතිකව වෙනස් වන බවත්, එය තම කෘතිය තුළ සදහන් කර ඇත. ඒ අනූව ලොම්බ්‍රෝසෝ උපන් අපරාධකරුවන්ට අමතරව අපරාධකරුවන්ගේ ශරීර පිළිබදව අධ්‍යනය කර අපරාධකරුවන් වර්ග කිහිපයක් ඉදිරිපත් කරන ලදී. එනම් අපරාධකරුවන්, උමතු අපරාධකරුවන්, රාගික අපරාධකරුවන් හා අවස්ථාමය අපරාධකරුවන් වශයෙන් දැක්විය හැකිය.

උමතු අපරාධකරුවන් යම් අපකීර්තියක් ඇති කළද ඔවුන් උපත ලබන්නේ අපරාධකරුවන් ලෙස නොවන බව පෙන්වා දුන් අතර ඔවුන් අපරාධකරුවන් බවට පත් වන්නේ මොළය වෙනස් කිරීම නිසා ඔවුන්ගේ සදාචාරාත්මක ස්වාභාවය වෙනස් කිරීම නිසා බව ලොම්බ්‍රෝසෝ පෙන්වා දෙන ලදී. උමතු අපරාධකරුවන් අතර ක්ලෙප්ටොමොනියාක් සහ ළමා අපචාරකයින් ද වූ බව පෙන්වා දෙන ලදී.  අපරාධකරුවන්ට උපත ලැබූ හෝ උමතු වූ අපරාධකරුවෙකුගේ භෞතික සුවිශේෂීතා කිසිවක් නොතිබූ අතර ඔවුන් පසු කාලීනව අපරාධවලට සම්බන්ධ වූ අතර අඩු බරපතල අපරාධ කිරීමට පෙළඹුන බව ලොම්බ්‍රෝසෝ පෙන්වා දෙන ලදී.

ලොම්බ්‍රෝසෝ රාගික අපරාධකරුවන් හදුන්වනුයේ එක්තරා ආඩම්බරකාර අපරාධකරුවන් විශේෂයක් ලෙසය. ඔහුට අනූව රාගික අපරාධකරුවන් වේගයෙන් වර්ධනය වන්නා වූ පිරිසකි. එයට හේතුව ලෙස ඔහු දක්වන්නේ මෙම පුද්ගලයින් අපරාධ සදහා යොමු වන්නේ හැගීම් සහ යාලුකමට එහාගිය ආදරයට මෙහා නැවතුන හැගීම් නිසාවෙනි. ඔවුන් තමා කළ අපරාධය පිළිබදව ආඩම්බර වනවා සේම ඔවුන් තමා කළ අපරාධය සදහා පසුබට නොවන බවද පෙන්වා දෙන ලදී.

එමෙන්ම අවස්ථාමය අපරාදකරුවන් තත්වය හා අවස්ථාව අනූව අපරාධ කිරීමට පෙළඹෙන බව ලොම්බ්‍රෝසෝ පෙන්වා දෙන ලදී. මොවුන් එතරම් ආවේගශීලී නොවන අතර පහසුවෙන් පාපොච්චාරණය කරන බව ද ලොම්බ්‍රෝසෝ විසින් පෙන්වා දෙන ලදී.  

ලොම්බ්‍රෝසෝ උපත ලද අපරාධකරුවන් යන සංකල්පය ජීව විද්‍යාත්මක නිර්ණායක හරහා ප්‍රචලිත කළේය. අපරාධකරුවන්ට විශේෂිත භෞතික විද්‍යාත්මක ලක්ෂණ හෝ විකෘතිතා ඇති බව පෙන්වා දෙන ලදි. කෙසේ වෙතත් ලොම්බ්‍රෝසෝගේ මතය අනූව බොහෝ පුද්ගලයින් පරිනාමය වුවත් ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන් බලය බෙදා හැර ඇති අතර එම නිසා සමාජීය හෝ පරිනාමීය ප්‍රතිගාමිත්වයක් ඇති කළ බව පෙන්වා දෙන ලදී. කෙසේ වෙතත් ලොම්බ්‍රෝසෝ උපන් අපරාධකරුවන්ගෙන් ප්‍රකට වන්නා වූ විශේෂ ලක්ෂණ 16 ක් පෙන්වා දෙන ලදී.

  1. හිස ප්‍රමාණයට වඩා විශාල වීම හා හිස් කබල පළල්ව පැතිරීම.
  2. මුහුණ දෙපැත්තෙහි යම් කිසි අසමමිතික බවක් දක්නට ලැබීම.
  3. හකු සහ කම්මුල් නියම ස්වාභාවය ඉක්මවා වර්ධනය වී තිබීම.
  4. ඇසේ ආබාධ සහ විශේෂතා මැනවින් දිස් වීම.
  5. කන් කුඩා ප්‍රමාණයෙන් වැඩී තිබීම හෝ චිම්පන්සියෙකු වැනි සතුන්ගේ මෙන් ඉදිරියට නෙරා        තිබීම.
  6. නාසය විරූපී වීම හා උඩුකුරුව හැරී තිබීම.
  7. තොල් ඉදිරියට නෙරා ඝනව පිහිටා තිබීම.
  8. කම්මුල් අස්ථි දැඩිව ඉදිරියට නෙරා තිබීම හෝ කම්මුල් දැඩි ලෙස අභ්‍යන්තරයට නෙරා තිබීම.
  9. දිව මැදින් ඉරක් මෙන් බෙදී තිබීම.
  10. දත් අසාමාන්‍ය ලෙස කුඩා වීම.
  11. නිකට යටට නෙරා තිබීම හා අසාමාන්‍ය ලෙස නිකට අධිකව දිගට තිබීම.
  12. හිස කෙස් අධිකව රැලි ගැසී තිබීම හෝ විරුද්ධ ලිංගිකයන්ගේ මෙන් පිහිටීම.
  13. අත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිගු වීම.
  14. උගුර වුවමනාවට වඩා නැතිනම් ස්වල්පයක් රැලි ගැසීම.
  15. පාදයේ ඇගිලි කෙටි වීම.
  16. මොළයේ යම් යම් කොටස් අසමතුලිත වීම.

ඉහත ශරීර ලක්ෂණයන්ගෙන් අවම වශයෙන් ලක්ෂණ පහක්වත් පවතින්නේ නම් ඔහු අපරාධකාරී පුද්ගලයෙකු ලෙස ලොම්බ්‍රෝසෝ දක්වයි.

එමෙන්ම ලොම්බ්‍රෝසෝ කාන්තාවගේ සාපරාධී වැරදි පැහැදිළි කිරීම සදහා ඔහුගේ අටාවිස්වාදය පිළිබද න්‍යාය භාවිතා කරන ලදී. ගණිකාවන් වැනි සාපරාධී කාන්තාවන්ට විරුද්ධ සාමාන්‍ය කාන්තාවන් පිළිබද සංසන්ධනාත්මක විශලේෂණයන් ලොම්බ්‍රෝසෝ විසින් ගෙනහැර දක්වයි. ස්ත්‍රීන් පිරිමින්ට වඩා පහත් බව ඔහුට ඒත්තු ගැන්වී ඇති හෙයින්, උපත ලද අපරාධකරු පිළිබද ඔහුගේ න්‍යාය මත පදනම්ව, ලොම්බ්‍රෝසෝට තර්ක කිරීමට නොහැකි විය. අපරාධවලට අඩු මැදිහත් වීමක් පෙන්නුම් කළේ ඔවුන්ගේ සාපේක්ෂව පහළ මට්ටමේ අටාවිස්වාදයයි.

ලොම්බ්‍රෝසෝගේ පර්යේෂණ ක්‍රම සායනිකව හා විස්තරාත්මක වූ අතර හිස් කබල් මානය සහ වෙනත් මිනුම් පිළිබද නිවැරදි තොරතුරු ඇතුළත් විය. ඔහු අපරාධකරුවන් සහ අපරාධකරුවන් නොවන අය පිළිබද දැඩි සංඛ්‍යාන සැසදීම්වල නිරත නොවීය. ඔහු පසු කාලීනව අපරාධ පිළිබද හේතු විද්‍යාවේ මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක යම් පිළිගැනීමක් ලබා දුන්නද, ඔහු අපරාධ විද්‍යාව පිළිබදව හදුන්වන ලදී.

ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද මෙම න්‍යාය අපරාධ විද්‍යාව තුළ ප්‍රබල න්‍යායක් වූ අතර එය ඉදිරිපත් කළ දිනයේ සිට විවිධ විවේචන ඒ සදහා එල්ල විය. ඒ අනූව ඔහුගේ න්‍යාය සදහා එල්ල වී ඇති විවේචන මෙලෙස දැක්විය හැකිය.

ලොම්බ්‍රෝසෝ විසින් හදුනවා දෙන ලද න්‍යායට විවේචන එල්ල කළ පුද්ගලයෙකු ලෙස චාල්ස් ඒ එල්ඩුඩ්ස් දැක්විය හැකිය. ඒ අනූව චාල්ස් පෙන්වා දෙනු ලබන්නේ ලොම්බ්‍රෝසෝ විසින් ලබා දී ඇති ගණනයන් ඔහු විසින් නිශ්චිතවම දක්වා නොමැති බවත් ඔහු ඒවා දළ වශයෙන් ඉදිරිපත් කළ බව ඔහුගේ විවේචනයයි. එමෙන්ම ලොම්බ්‍රෝසෝ විසින් මිනිසුන්ගේ හිසෙහි සිදු කළ මැනීම් මොහුගේ මවාපෑමක් බවටද ඇතැම් පිරිස් විවේචනය කර ඇත.

එමෙන්ම ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කර ඇති පරම්පරාවෙන් අපරාධකරුවන් පැමිණෙනවායැයි දක්වා ඇති අදහසට ද විවිධ විවේචන එල්ල වී ඇත. පරම්පරාවෙන් පරම්පරාවට නොව එයින් මිදී ද අපරාධකරුවන් බිහි විය හැකි බවට ද විවේචන එල්ල කරයි.

එමෙන්ම වුල්ෆන් විසින් පෙන්වා දෙන්නේ ලොම්බ්‍රෝසෝ විසින් හදුන්වා දෙන ලද අපරාධකරුවෙකු සතු ශාරීරික ලක්ෂණ හා මානසික රෝග අපරාධකයකට සම්බන්ධ වන්නේ කෙසේද යන්න තර්ක කරනු ලබයි.

 එමෙන්ම ලොම්බ්‍රෝසෝගේ න්‍යායට විවේචනයන් එල්ල වීමට තවත් හේතුවක්  වන්නේ ඔහු විසින් අධ්‍යනය කළ අපරාධකරුවන් එකම භූගෝලීය ප්‍රදේශයක අපරාධකරුවන් වීමයි. එයට හේතුව වූයේ සමස්ථ සමාජයම නොසලකා හරිමින් ලොම්බ්‍රෝසෝ සිය පරීක්ෂණයන් මගින් ලබා ගත් නිරීක්ෂණයන් ඉදිරිපත් කිරීමයි.

මීට අමතරව චාල්ස් ගෝරිං විසින්ද ලොම්බ්‍රෝසෝගේ න්‍යායට විවේචන එල්ල කරන ලදී. චාල්ස් ගෝරිං විසින් ලොම්බ්‍රෝසෝගේ පරීක්ෂණ වල අසත්‍ය භාවය සනාථ කිරීම සදහා පරීක්ෂණයක් සිදු කරන ලදී. ඒ සදහා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් සිසුන් 1000 ක්ද යොදා ගනිමින් ඔවුන්ගේ හිස් කබල් මැනබලා කරුණු ඉදිරිපත් කරන ලදී. එහිදී ලොම්බ්‍රෝසෝ විසින් දක්වන අපරාධකරුවන් තුළ දක්නට ලැබෙනවායැයි ඉදිරිපත් කර ඇති ලක්ෂණම මෙම විශ්ව විද්‍යාල සිසුන් තුළද පවතින බව චාල්ස් ගෝරිං පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් ලොම්බ්‍රෝසෝගේ න්‍යායට විවිධ විවේචන එලල් වුවද ඔහු විසින් ඉදිරිපත් කරන ලද මෙම න්‍යාය හේතුවෙන් රටවල් ගණනාවක අපරාධ විද්‍යාව බිහි වීමට හේතු විය. මෙසේ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කළ ඇතැම් කරුණු නූතන අපරාධ විද්‍යාවේ වර්ධයට ද දායක වී ඇති බව බොහෝ දෙනා ප්‍රකාශ කරනු ලබයි.

මේ අනූව ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද අපරාධකරුවන් පිළිබද න්‍යාය පිළිබදව මෙන්ම ඒ සදහා එල්ල වී ඇති විවේචන ද හදුනා ගත හැකිය.

 

  

 


Comments